Pages

Monday, June 20, 2011

Channel 4

ඊයේ හවස නිශාන්ව බෑහෑදකින්න ගියාම උන්ගේ ගෙදර කොන්ක්‍රීට් එක උඩ කෑලණිතිස්ස විදුලිබලාගාරය වගේ දුම් දානවා හෝ ගාලා..බෑලින්නම් කස්ටිය සෙට් වෙලා.. බරපතල මීටිමක් නම් නෙමේ... මතට තිතක් දුමට ඉඩක් කියල කොල්ලෝ ටික දුම් පරික්ෂාවක් කරනවා....


 සතියකට වතාවක්වත් මේ විදිහට පොඩි වෙනසක් නෑත්නම් ජීවිතේ කොස් කොටන්නද...හූනා හතරවටෙට දුම් වලලු යවනවා.. එකක් මගේ මූණේ හෑප්පෙන්න ගියාම වෑඩ දාලා බේරෑනේ...වෙරලු ගෙඩිය හතකට කපාගෙන කෑවා වගේ බෙදා හදාගෙන වෑඩ කරන්න කොල්ලෝ කොහොමත් දක්ශයිනේ.. බෙහෙත් දෙනවා වගේ එකාට පස්සෙ එකෙක්ට සයිලෑන්සරේ මාරෑවෙනවා...ඔය වෙලාවට ඉතින් රටේ ලෝකේ නෑති ප්‍රශ්න අපේ කරගෙන මතවාදීම මරාගන්න එකනම් අඩුවක් නෑ... 
දේශපාලනේදී සදාකාලික යාලුවෝ මිත්‍රයෝ නෑ කියන එක ප්‍රත‍ය්‍යක්ශ කරගන්න අපේ සෙට් එකම ඈති... මේක කෝපිකඩේ නෙමෙයිනේ... එකම ජාතියේ කොපි නෑති වුනාට අපේ කොල්ලන්ගේ තියෙන විව්ධත්වය නිසා මෙතනත් නිකන් පාර්ලිමෙන්තුව වගේ තමා...මේ දවස්වල වෑස්සත් ,වාතය වෙනදට වඩා උණුසුම් මොකද කියලා හෑමෝම දන්නවනේ... Channel 4 එකෙන් අපේ අතින් අල්ලල අපිටම ටොකු අනිනකොට සෑප කන දෙපෑත්තෙන් බේරෙනවා..


කීප දෙනෙක් දෑක්කේ නෑ කියපු හින්දා Channel 4 වීඩියෝව Youtube එකේ දාලා බලනකොට සමහරෑන්ගේ කට අතේ..වෙනදට ලොකේ විනාසේ වෙන්න ඉස්සෙල්ලා අන්තිම සිගරට් එකත් උරන මානසිකත්වෙයේ ඉන්න එකාට ඒක බොන්නත් අමතක වෙලා... රසිකයා ඔය අස්සේ කොදුරනවා "'"" මේ බොරෑ බන් "" හදපු එකක් කියලා""" හොදම කෑලි ටික ඈද ඈද අපි බෑලුවා.. හොදම කිව්වට ඒ ටික තමා අජූතම... යුද්දෙකදී මේවා සිද්ධ වෙන්නේ නෑත්තෙනම් නෑ...කොච්චර දේශප්‍රේමි උනත් අපේ ගොඩදෙනෙක්ට මේවා හදපුවා කියලා උච්චාරණය කරන්නනම් අමාරෑ උනා.. වීඩියෝ ලීක් උන එකෙන් ලංකාව මීට් බෝල්ස් උනා ඒකයි දුක.... 


5 comments:

  1. තවම මේක බලන්න වෙලාවක් හම්බ උනේ නෑ . . බලල ඇවිත්ම කියන්නම් මොනවද හිතුනේ කියලා . .

    පොඩි දෙයක් . .

    බින්දුව ලියලා තියෙන්නේ වැරදියට වගේ.

    යුනිකෝඩ් පරිවර්ථනය නම් යූස් කරන්නේ /n ගහල බලන්න.

    අනික ඡේද වෙන් කරලා ලිව්ව නම් කියවන්නාට පහසුයි.

    ReplyDelete
  2. @දුකා
    බොහොම ස්තූතියි සහෝ....
    මෙච්චර කල් බින්දුවෙන්ම දෑවීගියා බින්දුව හොයාගන්න බෑරිව...
    බොහොම පිං අදහස් වලට ...
    ඔව් ...ඡේද වෙන් කරන එක හොදා...

    ReplyDelete
  3. මේ වීඩියෝ එකනම් බොරු වෙන්න ඇති. ලංකාව යුදමය ජයග්‍රහණයක් ලබාගත්ත එකට ඊර්ෂ්‍යාකරන මිනිස්සු ඉන්නවනේ. එන්න එවුන්ගේ වැඩක් වෙන්න ඇති.

    ReplyDelete
  4. @මධුරංගඒ වීඩියෝ එකේ සමහර දර්ශන තියෙනවා ප්‍රතික්ශේප කරන්න අමාරෑ.. ඒත් ඔයවගේ දේවල් ඕන තරම් හෑම යුද්දෙකම වෙනවා....
    ඔබේ අදහස් ඈත්ත..ඔක්කොම බලාගෙන ඉන්නේ අපිට කෙලවන්න සහෝදරයා...
    ඒකනේ වෑඩේ..

    ReplyDelete
  5. ඒ දවස්වල හැමදාම බෝම්බ පිපිරීම්. මිනිස්සු මැරුනෙ බුරුතු පිටින්. කවුරුවත් කටක් හෙල්ලුවෙ නෑ. අපේ ගම්මාන වලට පැනල පොඩි උන් ගස් ගල් වල ගහල මරල දැම්මෙ. අපි ලෝකෙ හිටිය භයානකම ත්‍රස්තවාදියා මරල දැම්ම. ඒක එච්චරයි. ඔය වීඩියෝ එක ඩබ් කළ එකක්. ඔරිජිනල් එක දැන් හොයා ගෙන තියෙනව.
    ලෝකෙ යුද්ධ නැති වෙන කොට ආයුධ හදන රටවල් වලට පාඩුයි. ඒකයි ඔය සේරම.

    ReplyDelete