Pages

Sunday, June 24, 2012


මම ආසම සින්දුවක්.. ඒවගේම සුන්දර මතකයකුත් මේ සින්දුවත් එක්ක හෑන්ගිලා තියෙනවා. . ඒ හින්දා මේ සින්දුව අහන හෑම පාරම මට වෑදගත් කෙනෙක්ව මතක් වෙනවා..
ඔයාලත් අහලා බලන්න..


Wednesday, June 6, 2012

මෝහිනීගෙන් කෝල් එකක්


අසුරයා වගේ අමෘතය උගුරෙන් පල්ලේහට දාගන්න හෑදුවා විතරයි මෙන්න මෝහිනීගෙන් කෝල් එකක්. මෙන්න මේ වෙලාවට තමා සේලයින් බෝතලයට අමෘතය දාගන්න හිතෙන්නේ. දෑන් ඉතින් හතරවෙනි තට්ටුවට ගියාවගේ තමා. උත්තර දීපන්කෝ ප්‍රශ්ණ වලට. 


කොහෙද ඉන්නේ? ඈයි ෆෝන් එක ඉස්සුවේ නෑත්තේ ඉස්සෙල්ලා?
ඒ වෙලාවේ පොඩි  වෑඩක පෑටියෝ හිටියේ !
ගෙදර එනකොට කීය වෙයිද?
මම මේ එතනෝල් සාම්පල් වගයක් චෙක් කරනවා. ටිකක් පරක්කු වෙයි . ඈයි මොකද  ?
මොනවද එතනෝල් කියන්නේ? මොකටද එතනෝල් සාම්පල් චෙක් කරන්නේ?
පොඩි scientific research එකක් මේ කරන්නේ.. ඔයාට ඕවා තේරෙන්නේ නෑ. 
ඔයා මොකටද ඕවා කරන්නේ ?
නෑ මේ යාලුවෙකුත් සෙට් වුනා ගොඩ කාලෙකින්. ඔයා දන්නවනේ මම science වලට මාර ආසයිනේ.
මම දෑනන් හිටියේ නෑනේ !
ලොකු දෙයක් . .
මේ මම තියන්නද.  නෑත්නම් එතනෝල් එක වාශ්පවෙයි. 
මට ගෙදර ආපු ගමන් කෝල් එකක් දෙන්න එහෙනම්
උම්මා !
උම්බෑ !

( ටියුබ් ලයිට් කෑල්ලක් තමයි හෑබෑයි සෙට් කරගත්තේ හෙන ගේමක් දීලා )